ඩොලර් නෝට්ටු තොගයක් සමඟින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ඩොලර් සියයයේ නෝට්ටු 706 ක් සහිත පාර්සලයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම, තාරපුරම් හංදියේ යුද හමුදා මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) දිනයේ යුද හමුදාව සහ පොලීසිය සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

එහිදී යතුරුපැදියේ සඟවා තිබූ මුදල් නෝට්ටු පාර්සලය සොයාගන ඇත.

මෙම විදෙස් මුදල් නෝට්ටු ලැබුණු ආකාරය පිළිබඳව යතුරුපැදිකරු පැහැදිළි කිරීමට අපොහොසත් වී තිබේ. මේ නිසා සැකපිට යතුරුපැදිය පැදවූ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් 38 හැවිරිදි පුද්ගලයෙකුද ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙම මුදල් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත්තේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. සැකකරුවන් අද(05) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =