නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය.

ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා ද රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා මහතා නියෝග කරනු ලැබීය.

මානුෂික හේතූන් මත සැකකරු ඇප මත මුදාහැරීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දෙන ලදි .

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසටද නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =