පාකිස්තාන ගුවන් ප්‍රධානියාත් ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී මුජාහිඩ් අන්වර් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(05) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

අන්වර් ඛාන් මහතා ලබන 10වනදා දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිත බව සදහන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ ආරාධනාවක් මත පාකිස්තාන ගුවන් ප්‍රධානියා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනු ලැබේ.

ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙරට ගුවන් හමුදාපතිවරයා, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරීන්, නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *