චීනයේ මරණ 565 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය ආසාධනයවීම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 565 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් මරණ 72 ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ (05) දිනයේය. එම සියළු මරණ චීනයෙන් වාර්තා වී ඇත.

මේ වනවිට පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙන් නව කොරෝනා මරණයක් බැගින් වාර්තා වී තිබේ.

චීනයේ නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 28,018 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *