බෝයිං යානයක් අනතුරකට ලක් වීමෙන් 03ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ ඉස්තාම්බුල් නුවර සබීයා ගොක්සන් ගුවන් තොටුපළට ගොඩ බැස්වූ Fly pegasus ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් ගුවන් පථයෙන් ඉවතට පැනීමෙන් එය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ගුවන් පථයෙන් ඉවතට පැනීමෙන් පසු යානාව කොටස් 03කට බිදී ගොස් තිබුනි. මෙම අනතුරින් තිදෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කාර්යය මණ්ඩලය 6 දෙනෙකුගෙන් හා මගින් 171 යුතු ගුවන් යානයක් අධික වැසි තත්වය මත ගොඩ බැස්සවීමට උත්සාහ දැරීමේදී යානය ගුවන් පථයෙන් පිටතට ඇදී ගොස් මෙලෙස අනතුරට පත්ව තිබේ.

මෙම අනතුරින් පසු ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනු අතර අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂන ආරම්භ කර ඇත.

2018 වසරේ ජනවාරි මාසයේදී මෙම ගුවන් සේවයේ තවත් ගුවන් යානාවක් මේ ආකාරයටම ගුවන් පථයෙන් එළියට ගමන් කොට අනතුරට පත් වූයේ තුර්කියේ ට්‍රැබ්සෝන් ගුවන් තොටුපළේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 12 =