අගමැති ඉන්දීයාව බලා පිටත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සදහා මීට සුළු වේලාවකට පෙර ඉන්දීයාව බලා පිටත්ව ගියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය.

අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍යවරයා ලබන 11 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටිමින් ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවනු ඇත. මෙම සංචාරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.

ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවල ද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතය.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සාකච්ඡා ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දේශපාලනය, වෙළෙඳ, සංවර්ධනය, ආරක්ෂක, සංස්කෘතිය සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ ද අවධානය යොමු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 19 =