හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට නැවතත් සිතාසි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට 2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබේ.

අද (07) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව යළිත් කැඳවූ අවස්ථාවේදී මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටී අතර වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා මෙම සිතාසිය යොමු කරවන ලෙසට අධිකරණය දන්වා සිටියේය.

ලබන 24 වන දින වැඩිදුර නඩු විභාගය සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 3 =