අගමැති සාරානාත් වැඳපුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථානය සහ ඓතිහාසික ස්ථානවල සංචාරයකට ඊයේ (09)එක්විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනූව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයකට එක්විය.

අග්‍රාමාත්‍යවරයා,ප්‍රථමයෙන් සාරානාත් කෞතුකාගාරය නැරඹීමට එක්විය. බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනයේ මිගදාය පූජාභූමිය වන්දනාමාන කළේ ඉන් අනතුරුවය.

මූලගන්ධයි කුටි විහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර එහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ ඉතා උණුසුම් අයුරිනි.

අවසන් වශයෙන් ‘ඉන්දු – ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය´ වෙත පැමිණි අතර, ඉන්දියානු රාජ්‍ය සංචාරයේ තුන්වැනි දිනය සාර්ථකව නිමා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *