2020 ඔස්කාර් හොඳම නළුවා ජැකොවින් ෆීනික්ස්

(කොළඹ, ලංකාපුවත්) –2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත්ව තිබේ.

විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද වේ.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, ජැකොවින් ෆීනික්ස්(Joaquin Phoenix) දිනා ගනු ලැබීය.

හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.

මෙවර 92වන ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේ දී පැවැත්වේ.

‘වන්ස් අපොන් ඔන් ටයිම් … හොලිවුඩ්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබීය. එමෙන්ම ලෝරා ඩර්න් හොඳම සහාය නිළිය සම්මානය ‘මැරේජ් ස්ටෝරි’ චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තාය.

එසේම ලෝක ප්‍රකට සංගීතඥ එල්ටන් ජෝන් හොඳම චිත්‍රපට ශීතයට හිමි සම්මානය දිනා ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *