viber වෙතින් ආදරණිය අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –මෙවර වැලන්ටයින් දිනයට සමගාමිව ආදරවන්තයින්ගේ සැමරුම් කාලයේ පෙම්වතුන්ට මෙන්ම තනිකඩ ඔබටත් ඔබගේ සම්බන්ධතාවය කොයි අකාරයේ එකක් වුවත් මේ ආදරණිය කාලය සතුටින් විනෝදයෙන් ගත කිරීමට viberඅවස්ථාව උදාකරයි. ලොව ප‍්‍රමුඛ පණිවුඩ හුවමාරු කර ගැනීමේ Viber app මගින් Viber Cupid චැට් පහසුකම වැලන්ටයින් තනිකඩයින්ට සහ ආදරවන්තයින් වෙනුවෙන් පෙබරවාරි 10 වනදා දියත් කරමින් ඕනෑම කෙනෙකුට විශේෂ හැඟීම් දනවමින් ආදරණිය අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි.

Viber Cupid ආරම්භ වන්නේ ඔබෙන් සරල ප‍්‍රශ්නයක් ඇසීමෙනි: එහිදී ඔබගේ සම්බන්ධතා තත්ත්වය කුමක්ද? තනිකඩ පුද්ගලයෙක්ද නැතහොත් පෙම්වතුන්ද යන්න සඳහන් කල යුතුයි. ඒ අනුව ඔබගේ පිළිතුර සැළකිල්ලට ගනිමින් Viber ඔබට, විනොස්දස්වාදය ගෙනෙන ක‍්‍රියාකාරකම් රාශියක් විවෘත කර දෙයි.

ඔබ තනිකඩයෙක් නම්, ඔබගේ සැමරුම පරිපුර්ණත්වයට පත් කිරීම සඳහා කෙටි ආදර ප‍්‍රශ්න කිහිපයක් ඔබ වෙත යොමු කෙරේ. එහිදී ඔබගේ සිහින පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඉමොජියකින් විස්තර කිරීම සහ පිකප් රේඛාවක් තෝරා ගැනීම සිදු කරන අතර ඔබව සතුටින් සිනහවෙන් පුරවාලීමට Viber බැඳී සිටි.

මෙහිදී ඔබට වැලන්ටයින් දින සුබ පැතීම් කාඞ් පතක් නිර්මාණය කිරීමට සහ හුවමාරු කර ගැනීමට Viber ඉඩ කඩ ලබා දෙයි. ඔබ යම් කෙනෙක් තෝරා ගත්තේ නම් ඔහු හෝ ඇය වෙතින් ඔබට ආදරණිය වැලන්ටයින් සුබ පැතුම් කාඞ් පතක් ලැබෙනු ඇත.

Viber Cupid හැරුණු විට Viber හි තවත් නව විශේෂාංග ඇතුළත්ය. එමගින් ඔබට සෑම විටම ඔබේ පණිවිඩ නිර්මාණශීලිව රසවත් කළ හැකිය. මෙමapp එක හරහාHeart හැඩැති ක්ෂණික වීඩියෝ පණිවිඩ යැවීමට හැකිය. එසේම ඔබ චැට් එක හරහා ඔබේ ආදරය ප‍්‍රකාශ කරන සෑම විටම පාවෙන ආදර හදවත් වලින් තවත් ආකර්ශනීය ලෙස එය ප‍්‍රකාශයට පත් කරයි.

ඔබ තනිකඩව සිටියත්, ඔබේ ආදර සම්බන්ධතාවය කුමන තත්වයක පැවතියත් Viber එහි ආකර්ෂණීය අංගයන් සමඟ ආශ්වාදය උපරිම තලයකට ගෙන එමින් චැට් අත්දැකීම් නිර්මාණය කරයි, එය සෑම විටම ආරක්ෂිත වන පණිවුඩ හුවමාරු ක‍්‍රමයක් වන අතර සෑම දිනකම දියුණු වෙමින් ඔබ වෙනුවෙන් පහසුකම් සලසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 18 =