අමෙරිකා ජනපති ට්‍රම්ප් ඉන්දියානු සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 24 සහ 25 දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ස්ටෙෆනි ග්‍රිෂාම් සදහන් කර ඇත්තේ මෙම සංචාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති මෝදි අතර දුරකථන සාකච්ඡාවක් ද සිදු වූ බවය. ඒ අනුව මෙම සංචාරය ඔස්සේ ඉන්දියාව සහ අමෙරිකාව අතර උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව මාධ්‍ය ලේකම් පෙන්වා දී ඇත.

ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සදහා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ද එක්වනු ඇත.

මීට පෙර හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා 2010 සහ 2015 වසරවලදී ඉන්දියාවේ සංචාරය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =