ඉන්දීය සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කොට අද (11) දහවල් 12.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

අගමැතිවරයා ඉන්දියාවේ තිරුපති සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි – 3175 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙම සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජය ඉහළ පිළිගැනීමක් ද ලැබුණි.

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික හමු අවසන් වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාට නවදිල්ලි නුවර සිට වාරානාසි, සාරානාත්, බුද්ධගයාව හා තිරුපති හී සංචාරය කිරීමට විශේෂ ගුවන් යානයක් ලබාදීමට ද ඉන්දීය රජය කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *