සයිබර් ප්‍රහාරයක් ගැන අමෙරිකාවෙන් චීනයට චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – ණය ශ්‍රේණිගත කිරීමේ දැවැන්තයා වන ඉක්විෆැක්ස් වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට චෝදනා කර ඇත.

2017 වර්ෂයේදී චීන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු විසින් අමෙරිකාව ඇතුළු තවත් රටවල් ගණනාවක පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් ඇතුළු සංවේදී පුද්ගලික දත්ත සොරකම් කිරීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙන බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 147 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බව සදහන් වේ.

එසේම එක්සත් රාජධානිය සහ කැනේඩියානු පාරිභෝගිකයන්ට ද එම සයිබර් ප්‍රහාරය දැඩි බලපෑම් එල්ල කර තිබේ. අධිචෝදනා පත්‍ර නිවේදනයක් නිකුත් කරමින් එරට නීතිපති විලියම් බාට් කියා සිටියේ මෙම සිද්ධිය ඉතිහාසයේ විශාලතම දත්ත උල්ලංඝනය කිරීමක් බවයි.

සති ගණනක් සමාගමේ පද්ධතිය තුළ රැඳී සිටිමින් ආරක්ෂක ජාලවලට කඩා වැදී පුද්ගලික දත්ත සොරකම් කළ බවද ලේඛනවල සඳහන් වේ.

කෙසේ නමුත් චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් සයිබර් සොරකම් නොකරන බවද අවධාරනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *