බන්ධනාගාර නිලධාරියෙකුගේ ක්‍රියාව අගය කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැගසින් බන්ධනාගාරයෙන් පැනයාමට තැත්කල සැකකරුගේ එම ක්‍රියාව වැළැක්වූ නිලධාරියා ඇගයීමට ලක් කෙරේ.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් පසුගිය දිනෙක නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පලායෑමට තැත්කිරීමේ දී එදින අවි අංශයේ නිළධාරියෙකු වශයෙන් බන්ධනාගාර ඉදිරි අවි සහිත නිලධාරියා වශයෙන් රාජකාරි සිදුකරමින් සිටි බී. මනෝජ් සමන්ත පුෂ්පකුමාර නිලධාරියා විසින් අවම බලය භාවිතා කරමින් වෙඩි තබා එකී සැකකරුගේ පැනයාම වලක්වා තිබුණි.

ඒ අනුව අදාළ සැකකරු නැවත අත්අඩංගුවට ගැනීමට කල මෙහෙය අගයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා විසින් පසුගිය දා එම නිලධාරියාහට ප්‍රශංසා පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමාරිස් (පාලන) බන්දුල ජයසිංහ, මැගසින් බන්ධනාගාර අධිකාරී, කොඩිතුවක්කු, මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර් සුමුදු පෙරේරා යන මහත්වරු සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *