කලහකාරී ලෙස හැසිරුණු ක්‍රීඩකයින්ට ICCයෙන් දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසු ඇතිවූ කලහකාරී සිදුවීමට සම්බන්ධයෙන් බංග්ලාදේශ සහ ඉන්දීය ක්‍රීඩකයින්ට දඬුවම් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ඉන්දියා ක්‍රීඩකයින් දෙදෙනෙක් වරදකරුවන් බවට පත්ව ඇති බවයි.

පසුගියදා පැවැත්වූ යොවුන් ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත්වූ අතර තරගයෙන් අනතුරුව බංග්ලාදේශ සහ ඉන්දියා ක්‍රීඩකයින් ක්‍රීඩා පිටිය තුලදී කලහකාරී ලෙස හැසිරුණේය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින්වන ටව්හිඩ් හිඩ්‍රෝයි, ෂාමීමි හුසේන් සහ රකිබුල් හසන් මෙන්ම ඉන්දියාවේ ආකාෂ් සිං සහස රවී බිෂ්නෝයිට ද දඩුවම් ලබා දීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *