දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කර තිබේ.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කලේ, ඔවුන්ගේ නිරෝධායන දින 14 සෙනසුරාදා අවසන් වීමට නියමිත බවයි.

ඔවුන්ට කෝවිඩ් 19 වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කිරීමෙන් පසුව ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට හේතුවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සිසුන් පෙබරවාරි 01වනදා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් අතර දියතලාව යුද හමුදා කඳවුරේ රදවා තැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *