කිසිදු ලියවිල්ලක් නැතිව රජයේ ඉඩම්වල සිටින පුද්ගලයන්ට ඉඩම් ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) – කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන්ට ඉඩම් ඔප්පු සහ බලපත්‍ර ලක්‍ෂ 02ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සහ ලංකාවේ සෙසු ප්‍රදේශවලින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 78ක් තෝරාගෙන තිබේ.

එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධතිය විනාශ කිරීම සදහා කිසිසේත් ඉඩ ලබා නොදෙන බව එස්. එම්. චන්ද්‍රෙස්න අමාත්‍යවරයා පැවසීය.

වනජීවී පනත ඉතාමත් ශක්තිමත් බවත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරන වනජීවී ප්‍රදේශවලට අයක් බිම් අඟලක්වත් කිසිදු කාර්යයක් සදහා යොදාගත නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *