මාලිංග කොදෙව් තරගාවලියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර අදාළ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොදෙව් තරඟාවලියේ T 20 තරඟ දෙකක දී ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක නායකත්වය හිමිකරගනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 13 =