රුපියල් කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ නිළධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් පමණවන අයෙක් වන අතර ඔහුව අද(13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *