ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් වාර්තා වේ. ඒ ජපානයේ චිටෙට්සු වටානබේ ය.

දරුවන් අට දෙනෙකුගේ පවුලේ වැඩිමලා ලෙස ඔහු උපත ලබා ඇත්තේ 1907 මාර්තු මස 05 වනදාය. ඒ ටෝකියෝ උතුරු ප‍්‍රදේශයේදීය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 කි.

ඔහුට ලබන මාසයේ දී වයස අවුරුදු 113ක් වන අතර උපන්දිනය සැමරීමට පෙර ඊයේ දිනයට වයස අවුරුදු 112 දින 344ක් පිරී තිබියදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාවට එක් කර ගනිමින් ගිනස් වාර්තා පොතට එක්කර ගෙන තිබේ.

වටානබේ වසර ගණනාවක් සීනි සමාගමක සේවය කර ඇති අතර විශ්‍රාම යන තෙක් ජපාන රජයේ කෘෂිකාර්මික කාර්යාලයක සේවය කර ඇතැයි සදහන් වේ. ඔහු දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ආසන්නව 1944 දී හමුදාවේ ද සේවය කර තිබේ.

චිටෙට්සු වටානබේට දරුවන් පස් දෙනෙකි.

පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකදී වටානබේ පැවසුවේ දීර්ඝ ආයුෂ විදීමේ සඳහා ඔහුගේ රහස වූයේ “කෝප නොවී මුහුණේ සිනහවක් තබා ගැනීම” බවයි.

ඔහු දුඹුරු සීනි වැනි රසකැවිලි වලටද ප්‍රිය කරනු ලබන බවද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *