ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරිය අගමැති මහින්ද හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිටින තුර්කියේ නව තානා­ප­ති­ව­රිය වන ඩෙමෙට් සේක­ර්සි­යොග්ලු (Demet Sekercioglu) සහ අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා අතර හමු­වක් ඊයේ (12) පෙර­ව­රුවේ අර­ලි­ය­ගහ මන්දි­ර­යේදි පැවැ­ත්විණි.

ආර්ථික කට­යතු, සංස්කෘ­තිය, අධ්‍යා­ප­නය ,දෙරට අතර පව­තින ද්විපා­ර්ශ්වික සබ­ඳතා ඇතුළු අංශ ගණ­නා­වක් තව­දු­ර­ටත් ශක්ති­මත් කැර ගැනීම සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාක­ච්ඡා­වේදී තුර්කියේ නව තානා­ප­ති­ව­රිය සඳ­හන් කර සිටියේ දෙරට අතර සබ­ඳතා වැඩි­දි­යුණු කළ හැකි ක්ෂේත්‍ර ගණ­නා­වක් තිබෙන බවයි.

නිද­හ­සින් පසු ශ්‍රී ලංකාව සහ තුර්කිය විධි­මත් රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා පව­ත්වා­ගෙන ගොස් තිබේ. මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ මෙම සබ­ඳතා වැඩි­දු­ර­ටත් ශක්ති­මත් විය. 2008 වස­රේදී එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි මහින්ද රාජ­පක්ෂ මහතා තුර්කි රාජ්‍යයේ සංචා­ර­යක නිරත වූ අතර, ශ්‍රී ලාංකික රාජ්‍ය නාය­ක­යකු තුර්කියේ සංචා­ර­යක නිරත වූ පළමු අව­ස්ථාව එය විය.

ශ්‍රී ලංකාවේ සංචා­රක ක්ෂේත්‍රය වැඩි දියුණු කරන ලෙසද අග­මැ­ති­ව­රයා මෙහිදී තුර්කී තානා­ප­ති­ව­රි­ය­ගෙන් ඉල්ලා සිටි­යේය. තුර්කි ගුවන් සේවය දින­පතා ශ්‍රී ලංකා­වට පියා­සර කිරී­මත් සමඟ තුර්කි­යෙන් පම­ණක් නොව ලෝකයේ වෙනත් රට­ව­ලින් ද සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර ගැනී­මට අව­ස්ථා­වක් ලැබෙන බව අග­මැ­ති­ව­රයා සඳ­හන් කෙළේය.

මෙම දූත පිරිස ආර­ක්ෂක අංශය පිළි­බ­ඳව ද, ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව සටන් කිරී­මේදී බුද්ධි අංශ­වල තොර­තුරු හුව­මාරු කැර ගැනීමේ වැද­ග­ත්කම ගැන ද සාකච්ඡා විණි.

තුර්කි ජනා­ධි­පති රිසෙප් ටයිප් අර්ඩො­ෂාන් (Tayyip Erdoğan) මහතා නැවත ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට උන­න්දු­වක් දක්වන බව තානා­ප­තිනි සෙක­ර්සි­යොග්ලු සඳ­හන් කෙළේය. 2005 වසරේ ඇති වූ සුනා­මි­යෙන් පීඩා­වට පත් වූ රට­වල සංචා­රය කරන අත­ර­තුර ජනා­ධි­පති අර්ඩො­ෂාන් අව­සන් වරට ශ්‍රී ලංකාවේ සංචා­රය කෙළේය. තුර්කිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නිවාස 450 කින් සම­න්විත ගමක් ඉදි­කි­රීම මඟින් සුනාමි සහන සේවා කට­යුතු සඳහා සඳහා යක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 8 =