ගීත නිර්මාණ කර්තෘ භාග ගෙවීම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ගීත නිර්මාණකරුවන්ට ලැබිය යුතු කර්තෘ භාගය ගෙවීම මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට රජය තීරණය කරයි.

ගුවන් විදුලි ආයතන වලින් රුපියල් 20 ක් ද, රූපවාහිනි ආයතන වලින් රුපියල් 100 ක මුදලක් ද කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බව තොරතුරු හා ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.

බුද්ධිමය දේපළ අයිතිය යටතේ ගීතයේ අයිතිකරුවන්ට මෙම කර්තෘ භාගය ගෙවීම සිදු කරන අතර ගීත රචක, සංගීත නිර්මාණ ශිල්පි, ගායකයා ලෙස ගීතයේ අයිතිය කොටස්කරුවන් තිදෙනෙක් වෙත බෙදී යන බව ද ඇමැතිවරයා කීය.

මෙතෙක් පැවැති ආණ්ඩුවලට ගත නොහැකි වූ මෙම තීන්දුව වත්මන් ආණ්ඩුවෙන් ගැනීම සම්බන්ධයෙන් සියලු ගීත නිර්මාණකරුවන්ගේ පැසසුමට ආණ්ඩුව ලක් කිරීම ද මෙහිදී සිදුකෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *