විශාරද ජගත් වික්‍රමසිංහ ගුවන් විදුලියේ වැඩ භාර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ජගත් වික්‍රමසිංහ මහතා අද (13) සිය ධුරයේ වැඩ භාරගත්තේය.

මහා සංඝරත්නයේ හා සෙසු ආගමික පූජකවරුන්ගේ සෙත් ප්‍රාර්ථනා මධ්‍යයේ අද උදෑසන ගුවන් විදුලි සංස්ථාවේ දීයි ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය. මෙරට පුරෝගාමී ගුවන්විදුලි ආයතනය ලෙස ජාතික ගුවන් විදුලියේ වගකීම නිසිලෙස තේරුම්ගෙන කටයුතු කිරීමට තමා කැපවන බව ජගත් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

ජාතික ගුවන් විදුලියට කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් මෙන්ම විශාල සම්පත් ප්‍රමාණයක් ද හිමි බව පෙන්වා දුන් සභාපතිවරයා ජාතික සංස්කෘතිය හා කලාව සමග එක්වන සංවිධානාත්මක ගමනක් යාමට බලාපොරොත්තු වන බව ද මෙහිදී ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *