විශ‍්‍රාම වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – විශ‍්‍රාම වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

2011වසරෙන් පසු විශ‍්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම මගින් ඊට පෙර විශ‍්‍රාම ලැබූවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට විවිධ වාර්තා පළවිය.

ඒ අනුව දෙපාර්ශවයටම සාධාරණයක් ඉටුකිරීම සඳහා කමිටුව මගින් ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *