(කොළඹ, ලංකාපුවත්) –සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම්ගතවීම පිලිබද ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කිරිමට රජය තීරණය කළේය.
දැනට පවතින ක්‍රමවේදය අනුව සාමාජිකයන්ට තම දායක මුදල් ගිණුම්ගතවීම පිලිබද දැනගැනීමට මාස 6 ත්, 12 ත් අතර කාලයක් ගතවේ. එය ගැටලු රැසකට හේතුවන බව හදුනාගෙන ඇත.
ඊට විසදුමක් ලෙස කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරිමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරණ ස්ථිර සේවක සංඛ්‍යාව ලක්ෂ 26 ක් පමණ වන බව කම්කරු අමාත්‍යාංශය පවසයි.