තරඟකාරී විභාග ක්‍රමය ළමා පරපුරේ අයිතීන් උදුරාගෙන ඇති බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – තරගකාරී විභාග මුල්කරගත් අධ්‍යාපන ක්‍රමය ළමා පරපුරේ අයිතීන් උදුරාගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙලිසෙල්ලම වෙනුවට පෞද්ගලික පන්ති දෙමව්පියන් දරුවන්ට උරුම කර ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙරට බුද්ධශාසනය මුහුණපා ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ(14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ ඊට එක්ව සිටියහ.

ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් දහම් අධ්‍යාපනයට අවස්ථාව අහිමිවන බව භික්ෂූන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී එකගත්වය පළකළේය.

තම දරුවන් දහම් පාසල්වලට යොමු කිරීම දෙමව්පියන්ගේ ද වගකීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *