පානදුර සිට බේරුවල දක්වා වෙරළ පිරිසිදු කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2020 වෙරළ පිරිසිදු කිරීමේ කඩිනම් වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සිට බේරුවල දක්වා වෙරළ පිරිසිදු කිරීමේ කඩිනම් වැඩසටහනක් දියත් කර ඇත.

ප්‍රදේශයේ දේශපාලනඥයින්, දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රධාන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වයෙන් ලබන ඉරිදා(16) පෙරවුරු 07.30 සිට පස්වරු 2.00 දක්වා මෙම වැඩසටහන දියත්වේ. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ.

මෙහිදී පානදුර වෙරළ උද්‍යානය ආහ්‍රිත වෙරළ තීරය, වාද්දුව දුම්රිය ස්ථානය ආශ්‍රිත වෙරළ තීරය, වස්කඩුව හෝටල ආශ්‍රිත වෙරළ තීරය, කළුතර දුම්රිය ස්ථානය ආශ්‍රිත වෙරළ තීරය, බේරුවල මරදාන පාර ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමට නියමිතය.

වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *