උදයංග වීරතුංග අද යළි අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද(17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 14 වනදා අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදීය.

පසුව වීරතුංග මහතාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු එදින පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =