උදයංග වීරතුංග නැවත රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිබේ. ඒ පෙබරවාරි 26 දක්වාය.

ඔහු අද(17) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 14 වනදා ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *