ජාතික වැටුප් ප්‍රති­ප­ත්ති­යක් හදන්න වැටුප් කොමි­ෂන් සභා­වක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික වැටුප් ප්‍රති­ප­ත්ති­යක් සම්පා­ද­නය සහ ක්‍රියා­ත්මක කිරීම සඳහා රජ­යට උප­දෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමි­ෂන් සභා­වක් ස්ථාප­නය කෙරේ.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 33 වැනි ව්‍යව­ස්ථාව ප්‍රකා­රව තමා වෙත පැවරි ඇති බල­තල අනුව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙම කොමි­ෂන් සභාව ස්ථාප­නය කර තිබේ. මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදු කරන ලද සංශෝ­ධන මගින් පිහි­ටු­වන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමි­ෂන් සභාව අහෝසි වේ. නව කොමි­ෂන් සභාව ස්ථාප­නය කිරී­මට අදාළ ගැසට් නිවේ­ද­නය 14 වැනි දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. රාජ්‍ය හා පෞද්ග­ලික අංශයේ වැටුප් හා වේත­න­වල තිර­සා­ර­භා­වය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යාම සඳහා එම අංශ වල වැටුප්, වේතන ඇතුළු සියලු පාරි­ශ්‍ර­මික ව්‍යුහ­යන් සමා­ලෝ­ච­නය කර­මින් සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ග­ලික අංශයේ ද ශ්‍රම­බල අව­ශ්‍යතා යෝග්‍ය පරිදි සපු­රා­ලීම අර­මු­ණයි.

උපාලි විජේ­වීර මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් කොමි­සම සාමා­ජි­ක­යන් 15 දෙන­කු­ගෙන් සම­න්වි­තය.

චන්ද්‍රානි සේනා­රත්න, ගෝඨා­භය ජය­රත්න, සුජාතා කුරේ, මධුරා වේහැල්ල, එම්. එස්. ඩී රන­සිරි, වෛද්‍ය ආනන්ද හපු­ගොඩ, මහා­ධි­ක­රණ විනි­සුරු සංජීව සෝම­රත්න, අජිත් නය­න­කාන්ත, රවී ලියන්ගේ, සනත් එදි­රි­වීර, මහා­චාර්ය රංජිත් සේනා­රත්න, ඉංජි­නේරු ආර්. එම්. අම­ර­සේ­කර, විශ්‍රා­මික මේජර් ජෙන­රාල් සිරි රණ­වීර, ඩබ්ලිව්. එච්. පිය­දාස යන මහත්ම මහ­ත්මීහු සෙසු සාමා­ජි­කයෝ වෙති.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ රට හදන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ ඇතු­ළත් මහ­ජන හිතෛෂී රාජ්‍ය සේව­යක් උදෙසා රාජ්‍ය සේවයේ කාර්ය­ක්ෂ­ම­තා­වය සහ ඵල­දා­යි­ත්වය ඉහළ නැංවීම සඳහා සේවා අව­ශ්‍ය­තාව අනුව හැඩ ගැසුණු මානව සම්පත් යොදා­ගැ­නීමේ දිගු කාලීන සැලැ­ස්මක් සකස් කිරීම සිදු කෙරේ.

රජයේ සංව­ර්ධන ඉලක්ක හා අභි­ලා­ෂ­යන් ළඟා කර ගැනීමේ ක්‍රියා­ව­ලියේ දී පෞද්ග­ලික අංශය ද එකී ක්‍රියා­ව­ලි­යට දායක වීම පිළි­බ­ඳව ද සැල­කි­ලි­මත් වෙමින්, රාජ්‍ය සේවා­වන් කාර්ය­ක්ෂම ලෙස සැල­සී­මේත් සංව­ර්ධන ක්‍රියා­දා­මය පහ­සු­ක­ර­ලී­මේත් අවශ්‍ය අව­ස්ථා­වන්හි දී නියා­ම­නය කිරී­මේත් කාර්ය­භා­රය ඵල­දායී ලෙස ඉටු කළ හැකි නිපු­ණ­තා­ව­න්ගෙන් හෙබි සේවක පිරිස් රාජ්යය සේව­යට බඳ­වා­ගැ­නීම රජයේ ප්‍රති­ප­ත්තිය වේ.

ඵල­දායී රාජ්‍ය සේව­යක් පව­ත්වා­ගෙන යාමට හැකි­වන්නා වූ වැටුප් හා වේතන සහ විවිධ දිරි­කා­රක ද ඇතු­ළත් යෝජ­නා­ව­ලි­යක් හඳු­න්වා­දී­මට රජය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − one =