ජිනීවා මානව හිමිකම් සැසිවාරය 24 වනදා ඇරඹෙයි – ශ්‍රී ලංකාව ගැන වාර්තාව 27 වනදා සභාවට

(කොළඹ, ලංකාපුවත්) –ජිනීවා මානව හිමිකම් සැසිවාරය ලබන 24 වනදා සිට මාර්තු 20 වනදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පෙබරවාරි 27 වනදා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම වාර්තා එළිදක්වා තිබේ. එම වාර්තාව මානව අයිතිවාසික කොමිසමේ මහකොමසාරිවරිය විසින් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාව සම්බන්ධයෙන් ලංකා රජය ඇතුළු ජාත්‍යන්තරයේ අදහස් දැක්වීම සහ රාජ්‍ය නොවන සංවිධාන තම වාචික කරුණු දැක්වීමද සිදු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කරුණු දැක්වීමට අමතරව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමඟ එක්වී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව වෙනුවෙන් එක්සත් රාජධානියේ ගෝලීය සංසදය ද කරුණු දැක්වීම සිදු කරයි. ලංකාවට එරෙහි චෝදනාවලට සාක්ෂි ලබාදීම සඳහා නිශාන්ත ද සිල්වා , ශානි අබේසේකර සහ ගානියා ෆ්‍රැන්සිස් යන අයද ජිනීවා වෙත ගොස් සිටින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 15 =