බෞද්ධයා නාලි­කාව ඩිජි­ට­ල්ක­ර­ණය ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූප­වා­හිනි සේවාව වන බෞද්ධයා නාලි­කාව ඇන­ලොග් තාක්ෂ­ණ­යෙන් ඩිජි­ටල් තාක්ෂ­ණ­යට පරි­ව­ර්ත­නය කිරීම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (15) පස්ව­රුවේ සිදු විය.

ජනා­ධි­ප­ති­ව­ර­යාට ආශි­ර්වාද පළ කර­මින් මහා ඖෂධ පූජා­වක් ද මේ හා සම­ගා­මීව සංවි­ධාන කර තිබිණ.

විහා­ර­ස්ථා­න­යට ගිය ජනා­ධි­ප­ති­ව­රයා ධාතු මන්දි­රය වැඳ පුදා ගත්තේය. අන­තු­රුව එතුමා ආග­මික වතා­ව­ත්ව­ලට එක් වූ අතර, ශ්‍රී සම්බෝධි විහා­රා­ධි­පති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොර­ලන්දේ වජි­ර­ඤාණ නායක ස්වාමීන් වහන්සේ ආග­මික වතා­වත් මෙහෙය වූහ. විහා­ර­ස්ථා­නයේ සංව­ර්ධන කට­යුතු පිළි­බඳ පැවති සාක­ච්ඡා­වට ද ජනා­ධි­ප­ති­ව­රයා එක් විය.

එතුමා දහම් පාසලේ දක්ෂතා පළ කළ සිසු­නට තිළිණ ප්‍රදා­නය කළේය. බන්දුල ගුණ­ව­ර්ධන, සුසිල් ප්‍රේම­ජ­යන්ත, ගාමිණී ලොකුගේ ඇමැ­ති­වරු, රාජ්‍ය ඇමැති තිලංග සුම­ති­පාල, හිටපු කතා­නා­යක වි. ජ. මු. ලොකු­බ­ණ්ඩාර, හිටපු ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ, හිටපු අග­වි­නි­සුරු සරත් එන් ද සිල්වා යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + nine =