සතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්

(කොළඹ, ලංකාපුවත්) – සති අන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අනුව 20 වැනිදා රාත්‍රී 7.35ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් ධාවනය කරන බවත්, එම දුම්රිය 21 වැනිදා අලුයම 4.50ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දුම්රිය දෙකටම අදාළව කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමද සලසා දී තිබෙන අතර 23 වැනිදා රාත්‍රී 8.30 බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 7 =