කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1775ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙස වාර්තාවේ.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වේ. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත් කරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව චීන බලධාරීන් පවසයි.

නිරෝධායන කටයුතු සඳහා ජපානයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් ගණන 70 සිට 355 දක්වා වැඩිවී ඇති බව ජපන් බලධාරීන් ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *