පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ හමුවක් හෙට(18) පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම සාකච්ඡාවට එක්වෙති. එළඹෙන මහ මැතිවරණයට සන්ධානගතවී තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණිම සාකච්ඡාවේ අරමුණ බව සදහන් වේ.

නායකයින් දෙදෙනාගේ එකගතාවයෙන් පසු ප්‍රාදේශිය නායකයින් අතර සාකච්ඡා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *