අහුංගල්ලේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

(කොළඹ, ලංකාපුවත්) –අහුංගල්ල, වැලිවතුගොඩ, බලපිටිය ප්‍රදේශයේ ඊයේ (17) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අද (18) අළුයම 3.20ට පමණ මියගොස් තිබේ.

36 හැවිරිදි ඔහු වැලිවතුගොඩ, බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් තිබුණි. අනතුරුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අහුන්ගල්ල පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *