එම්.සී.සී. ගිවිසුමේ සිව්පුද්ගල කමිටු මූලික වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (17) භාර දෙනු ලැබීය.

සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිත අතර ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි.

2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකත්වයෙන් මෙම කමිටුව පත්කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *