එයාර්ටෙල් නවතම ‘ඩේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගමෙහි නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය මගින් දෙගුණයක ඬේටා (double data) ප‍්‍රතිලාභ ලබා දෙන බව නිවේදනය කර ඇත. ‘My Airtel’ App හරහා රුපියල් 99 රිචාර්ජ් කර 100% අමතර ඩේටා ලබා දීමෙන් පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම මෙම නවතම දීමනාවේ අරමුණයි.

අද වෙළෙඳපෙළේ ඇති සම්මත කතා කාලය ඉලක්ක කර ගත් පැකේජයන්ගෙන් ඔබ්බට ගිය වටිනාකමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ භාවිතා කරමින් පාරිභෝගිකයින්ට දැන් සම්බන්ධතාවය පවත්වා ගෙන යා හැකියx හැකි තරම් ශ්‍රී ලාංකිකයින්ට වඩාත් දැරිය හැකි සහ සම්පූර්ණ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලබා දී එයාර්ටෙල්හි පුළුල් මෙහෙවරට සහය දීම සඳහා මෙම නව පැකේජය සකස් කර ඇත.
කතා කරන වේලාවට සමාන වටිනාකමක් ලබා දීමේ වාසිය සමඟින්, කෙටි පණිවිඩ 1000ක් හා 350 MB ඬේටා ඇතුළුව දවස් 21ක වලංගු කාලයකට යටත්ව රුපියල් 99 පැකේජය මුලින් හඳුන්වා දෙන ලදී. ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ දීමනාව හඳුන්වා දීමත් සමඟ ‘My Airtel’ App තුළින් මිලදී ගැනීම හරහා එයාර්ටෙල් පාරිභෝගිකයින්ට දැන් අමතර 350 MB සමඟින් 700 MB ඬේටා ප‍්‍රමාණයක වාසියක් හිමි වේ. පාරිභෝගිකයින්ට සිය ජංගම පසුම්බිය, හර හෝ ක්‍රෙඩිට් කාඞ් භාවිතා කර මෙම පැකේජය මිලදී ගත හැකිය.

‘‘ශ්‍රී ලංකාවේ තරුණ්‍ය හා තදින් බැඳුනු සන්නාමයක් ලෙස අපි නිතරම අලූත් ක‍්‍රම සොයමින් ඉන්නවා මෙවැනි තරුණ පිරිස්වලට ඔවුන්ගේ අභිරුචිය පරිදි සේවාවන් ලබා දීමට, විශේෂයෙන්ම voice සේවාවන්වලට වඩා ඉතා ඉහළ ඉල්ලූමක් ඇති ඬේටා හා කෙටි පණිවිඩ වැනි සේවාවන් සම්බන්ධයෙන්, ඬේටා සේවාවන් සඳහා එයාර්ටෙල් ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ වැනි පැකේජ විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ මෙවැනි වෙනස්වන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදිය. ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ සමඟ ‘My Airtel’ App හරහා පරිශීලකයින්ට voice සේවාවන්වලට වඩා ඬේටා හා කෙටි පණිවිඩ සේවාවවන් වලට පහසුවෙන් ළඟාවීමේ හැකියාව ද තිබෙනවා.’’ යනුවෙන් එයාර්ටෙල් හි ප‍්‍රධාන විකුණුම් නිළධාරී චන්ද්‍රසේකර් සිංග් චෞහාන් මහතා පැවසුවේය.

නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජයත් සමඟ ‘Airtel 99 Tik Tok Challenge’ නමින් තවත් තරගයක්ද පාරිභෝගිකයින් සඳහා එයාර්ටෙල් සමාගම ආරම්භ කර ඇත. මෙම වැඩසටහනට ඇතුලත් විය හැක්කේ ප‍්‍රවර්ධනයේ සඳහන් නාද රටාව භාවිතා කරමින් #airteldoubledata සමඟ පාරිභොගිකයින්ගේ නිර්මාණාත්මක වීඩියෝවක් සිය Tik Tok ගිණුම මත upload කිරීමෙනි. මෙම නාද රටාව Tik Tok සමාජජාල පිටුවෙහි ‘Airtel 99 Tik Tok’ ලෙස යොදා සෙවුම් කළ හැකිය. මෙම තරගයේ ජයග‍්‍රාහකයාට ස්මාර්ට් ජංගම දුරකතනයක් ද අනුශූරතාව හා තෙවන ස්ථානය සඳහා වවුචර පත් ද හිමි වනු ඇත. මෙම ‘Airtel 99 Tik Tok Challenge’ තරගය 2020 මාර්තු 15 දින අවසන් වෙයි.

‘My Airtel’ App නොමිලේ පාරිභෝගික සේවා ලබා දෙන යෙදවුමක් වන අතර ශ‍්‍රී ලංකාවේ සෑම එයාර්ටෙල් පාරිභෝගිකයෙකුටම එහි ප‍්‍රතිලාභ අත්වි`දිය හැක. ‘My Airtel’ App භාවිතා කරමින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත පිවිසිය හැකි අතර, දත්ත භාවිතාව හා පරීක්ෂාව, රීචාර්ජ් කිරීම, බිල් ගෙවීම සහ සංගීතය හා චිත‍්‍රපටි රසවි`දීම ඇතුළු තවත් විනෝදාත්මක අංග රැුසකට අවස්ථාව ලැබී තිබේ.

පාරිභෝගිකයාට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන එයාර්ටෙල් සමාගම සිය පාරිභෝගිකයින්ට ගාස්තු අයකිරීමකින් තොරව 4G සිම්කාඞ්පතකට තම සිම්පත පරිවර්තනය කරගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර, ඒ සදහා 5GB ඩේටා නොමිලේ හිමිවීමද විශේෂත්වයකි. 780 හෝ *780# අමතා හෝ සිම්පත් මාරු කරන ආසන්නතම අලෙවි ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණ මෙම දීමනා ලබාගැනීමේ ආරම්භය සනිටුහන් කරන්නට එයාර්ටෙල් පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *