IPL 2020 තරඟාවලිය ලබන මාර්තු මස ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිත බව එරට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තරඟ සංවිධාකයින් පවසන්නේ දකුණූ අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි.

ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

එරට මාධ්‍ය පවසන්නේ තරඟාවලියේ කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද අවසන් මහා තරඟය මැයි මස 24 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *