(කොළඹ, ලංකාපුවත්) –නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද(19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ, ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන මේ වනවිට 75,000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි.
මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්මවන බව වාර්තා වේ.
වූහාන්හි ප්රමුඛ පෙළේ රෝහලක් වන වූචැං රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලියු ෂිමින්ග් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුනි.