ඇෆ්ගන් ජනාධිපතිවරණයේ ජය හිටපු ජනපතිටම

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති අශ්රොෆ් ගානි ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලැබීය.

පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනිදා පැවති ජනාධිපතිවරණයේ අවසන් නිල තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ(18) දිනයේදීය. ජනාධිපතිවරණයේ තීරණය ලබදීම මාස 4කට වැඩි කාලයක් පමා කෙරුණේ, ඒ හා බැදුණු දූෂණ චෝදනා පදනම් කර ගනිමින්ය.

එමෙන්ම, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ද අවම මට්ටමක පැවතීම තවත් ගැටලුවකි. ලක්ෂ 96ක් වූ ලියාපදිංචි ඡන්දදායකයන් අතරින් අවසානයේදී වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස සළකා ගණන් ගනු ලැබුවේ ඡන්ද දහඅට ලක්ෂයකට මදක් වැඩි සංඛ්‍යාවක් පමණි.

අවසන් නිල ප්‍රතිඵලය අනූව ජනාධිපති අශ්රොෆ් ගානි 54.6%ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලැබීය.

ප්‍රතිවාදී අපේක්ෂක අබ්දුල්ලා අබ්දුල්ලා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 39.5%ක් පමණි.

කෙසේ වෙතත්, අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය ද ප්‍රතික්ෂේප කරන බව ප්‍රතිවාදී අපේක්ෂකයා සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *