ජර්මනියේ වෙඩි තැබීමක් – 08ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙක් මියගොස් තිබේ. බටහිර ජර්මනියේ හැනාවූ නගරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පැවසේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා ප්‍රදේශ පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මකය. හැනාවූ නගර මධ්‍යයේ පිහිටි මත්පැන් අලෙවිසැල් තුළ පළමු වෙඩි තැබීම සිදුව ඇති අතර, නගරාසන්නයේ ඇති කෙසෙල්ස්ටැඩ් ප්‍රදේශයේ දෙවැනි වෙඩි තැබීම වාර්තා වේ.

පොලිස් නිලධාරීන් සහ හෙලිකොප්ටර් යානා ප්‍රදේශය පුරා මුර සංචාර ආරම්භ කර ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සෙවීමටය.

ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බව එරට ආරක්ෂක අංශ සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =