අධිවේගයේ බරවකුඹුක දක්වා කොටස 23දා විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියර වන මාතර, ගොඩගම සිට බරවකුඹුක දක්වා මාර්ගය ලබන ඉරිදා (23) ප.ව 3.00ට විවෘත කෙරේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05කින් යුත් මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 56කි. එහි ගොඩගම පාලටුව, අපරැක්ක, බෙලිඅත්ත, කසාගල හා අඟුණකොළපැලැස්ස යන ස්ථානයන්හී අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකර ඇත.

මාතර ගොඩගම සිට බරවකුඹුක දක්වා වන මෙම අධිවේගී මාර්ගය අදියර 02ක් යටතේ ඉදිකර තිබේ. එහි පළමු අදියර චයිනා නැෂනල් ඉරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉංජිනියරින් සමාගම විසිනුත් දෙවන අදියර චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් සමාගම විසිනුත් ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *