“කටහඬට අරුතක් – 2020” ජාතික වැඩසටහන

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික ගුවන්විදුලිය වශයෙන් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය පිණිස නිවේදක නිවේදිකාවන් රැසක් වසර 95 ක් පමණ වන සංස්ථා ඉතිහාසය තුළ බිහිකර තිබේ.

වර්තමානයේ සුභාවිත සන්නිවේදක අවශ්‍යතාවය හඳුනාගත් සංස්ථාව ඒ සඳහා කටහඬට අරුතක් – 2020” වැඩසටහන හඳුන්වාදීමට කටයුතු කර ඇත.

රටේ අනාගතය සඳහා අවශ්‍යවන සුභාවිත නිවේදක නිවේදිකාවන් පිරිසක් බිහිකිරීම සඳහා වන ජාතික වැඩසටහන රටට හඳුන්වාදීම අද(20) ප.ව. 5.00 ට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පුරෝගාමීන්ගේ ප‍්‍රධානත්වයෙන් සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *