(UPDATE) කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනුයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

මේ හේතුවෙන් ඇති වු දුමාරය මත කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා කොටස වාහන ගමනා ගමනයට තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළේය.

කෙසේ නමුත් ඇති වු දුමාරය මේ වන විට ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමන් කිරීමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බලම්මුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයක ඇතිවී ඇති ගිණි ගැනීම නිසා ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට ජාඇල දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇත.

ජාඇල සිට කොළඹ දක්වා කොටස භාවිතා කළ හැකි අතර එතැන් සිට කොළඹ මීගමුව මාර්ගය හෝ විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම මාර්ගය භාවිත කරන්නන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන වාහන ජා-ඇල පිවිසුමෙන් පිටතට යොමු කරවන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *