පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට නව අධ්‍යක්‍ෂවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස නීතිඥ ජයන්ත ලියනගේ මහතා ඉකුත්දා (17) එම ආයතනයේදී වැඩ භාරගත්තේය.

රාජ්‍ය ආයතන ගණනාවකම අධ්‍යක්ෂ ධූර හා සභාපතිධුර හොබවා ඇති ඒ මහතා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂධූරයට පත්වූ දෙවන අවස්ථාව මෙයයි.

වැඩභාරගැනීමේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නන්දන ජයසිංහ සහ අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ආර්. බී.හේරත් යන මහත්වරුන්ද එක්වූහ.​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *