30/01 ජිනිවා මානව හිමිකම් යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද(20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සදහන් කළේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 හා 40/1 යන යෝජනාවලින් ඉවත් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *