දඹුල්ල මාතලේ A 09 මාර්ගයේ බස් අනතුරකින් කුඩා දරුවෙක් මරුට – 40කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 40දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට නාලන්ද, දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුලත් කර තිබේ.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි වාර්තාවේ.

අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ 12 හැවිරදි කුඩා දරුවෙකි.

නාඋල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *