පළාත් ඡන්දය අගෝස්තුවේ පැවැත්විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා මැතිවරණය එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මේවන විට පළාත් සභා සියල්ලක් ම පවතින්නේ කාලය අවසන්වයි. සබරගමුව පළාත් සභාවේ කාලය අවසන් වූයේ 2017 සැත්තැම්බර් 26 වෙනිදායි. ඊට සිව් දිනකට පසු නැඟෙනහිර පළාත් සභාවේ කාලය නිමවිය. එම වසරේම ඔක්තෝම්බර් 1වෙනිදා උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් විය.

අනතුරුව 2018 වසරේ ඔක්තෝම්බර් 8 දායින් මධ්‍යම පළාත් සභාවේ නිලකාලයත් ඔක්තෝම්බර් 10වෙනි දා වයඹ පළාත් සඵාවේ නිල කාලයත්, ඔක්තෝම්බර් 24 වෙනිදා උතුරුමැද පළාත් සභාවේ නිල කාලයත් අවසන් විය.

සෙසු පළාත් සභාවල නිල කාලය අවසන් වන්නේ පසුගිය වසරේ දීය. ඒ අනුව 2019 වසරේ අප්‍රේල් 10 වෙනිදා දකුණු පළාත් සභාවේත්, අප්‍රේල් 21 වෙනි දා බස්නාහිර පළාත් සභාවේත් නිල කාලය අවසන් විය. අවසානයට නිල කාලය අවසන් වන්නේ ඌව පළාත් සභාවේය. ඒ 2019 වසරේ ඔක්තෝම්බර් 8වෙනි දාය.

පළමු පළාත් සභාවේ නිල කාලය අවසන්ව මේ වන විට වසර දෙකකට අධික කාලයක් ගත වී ඇතත් පැවැති ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උනන්දුවක් නොවීය. එබැවින් එම පළාත් සභා සියල්ලක ම ආණ්ඩුකාරවරයාගේ පාලනයට නතු විය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය කාලය පුරාවට ම උත්සහයක නිරතවූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ඔහු නිතරම සඳහන් කළේ පළාත් සභා මැතිවරණය හොරු රැගෙන ගොස් ඇති බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 14 =