‘‘යාළු දස්කම්’’ චිත‍්‍ර වැඩමුළුව සමගින් HNB FINANCE පාසලින් පාසලට

(කොළඹ, ලංකාපුවත්) – HNB FINANCE සමාගම ‘‘යාළු’’ ළමා ඉතුරුම් ගිණුම අනුග‍්‍රහයෙන් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන යාළු දස්කම් චිත‍්‍ර වැඩමුළු මාලාවේ මේ වසරේ පළමු වරට පැවැත්වෙන වැඩසටහන පසුගියදා කඩුවෙල පහල බෝමිරියේ ශ‍්‍රී සීලාලංකාර ප‍්‍රාථමික විදුහලේදී පැවැත්විණ.

උදෑසන 9 සිට පස්වරු 1.30 දක්වා පැවති මෙම චිත‍්‍ර වැඩමුළුව සඳහා පාසලේ 3 සහ 4 ශ්‍රේණිවල දරුදැරියන් 140 කට අධික පිරිසක් සහ දරුවන්ගේ දෙමාපියන් ද එක් වූහ.

මෙම වැඩමුළුව තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනයත්, පරිකල්පන ශක්තිය දියුණු කිරීමත්, ඔවුන් තුළ සාධනීය ආකල්පමය වෙනසක් ඇති කිරීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාව වෙයි. ප‍්‍රවීන චිත‍්‍ර කලා උපදේශකවරයකු වූ දයාවංශ කුමසාරු මහතාගේ මෙහෙයවීම යටතේ පවත්වන ලද මෙම වැඩමුළුවෙහි විශේෂත්වය වනුයේ දරුවන් විසින් අදිනු ලබන සිතුවම් පිළිබඳව සමාලෝචනයක් සිදු කරමින් එම සිතුවම් හි ලාලිත්වය, වර්ණ භාවිතය, හැඩතල මතුකිරීම, ආදී විශේෂත්වයන් පිළිබඳව ඒ මොහොතේම දෙමාපියන් දැනුවත්කර දරුවාගේ කුසලතාවන් පිළිබඳව දෙමව්පියන්ට අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීමයි.

පෙර වසරවලට වඩා මෙම වැඩපිළිවෙල 2020 වසරේදී ගුණාත්මක වෙනසකට ලක් කිරීමකට සමාගම කටයුතු යොදා ඇති අතර ඒ යටතේ පාසල්වල පැවැත්වෙන චිත‍්‍ර වැඩමුළු ආශ‍්‍රිතව දරුවන් විසින් අඳිනු ලබන සිතුවම් අතරින් තෝරා ගනු ලබන නිර්මාණයන් ආශ‍්‍රයෙන් චිත‍්‍ර තරගයක් මෙම වසරේ ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වීමට ද HNB FINANCE සමාගම සැලසුම් කර ඇත.

විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා ආචාර්ය මණ්ඩලයද HNB FINANCE සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේ සහ කඩුවෙල ශාඛාවේ නිළධාරී මහතුන්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර මේ වසරේදීත් දිවයිනේ තවත් පාසැල් ගණනාවක යාළු දස්කම් චිත‍්‍ර වැඩමුළුව පැවැත්වීමට HNB FINANCE සමාගම බලාපොරොත්තු වෙයි.

වැඩමුළුවෙන් අනතුරුව විවිධ මාතෘකා යටතේ දරුවන් විසින් ඉදිරිපත් කළ සිතුවම් සඳහා සියලූ දූදරුවන්ට HNB FINANCE වෙතින් වටිනා සහතික පත‍්‍රයක් තිළිණ කරනු ලැබූහ. HNB FINANCE යාළු දස්කම් සිතුවම් වැඩමුළුව පිළිබඳව අදහස් දක්වන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘ වසරකට වැඩි කාලයක් අඛණ්ඩව අප විසින් පවත්වාගෙන ආ මෙම වැඩමුළුව දරුදැරියන්ගේ නිර්මාණාත්මක පරිකල්පනය සහ ආකල්ප වර්ධනය කෙරෙහි විශාල දායකත්වයක් දැක්වු බව මේ දක්වා පැවති වැඩසටහන් තුළින් අපි හොඳින්ම පසක් කර ගෙන සිටිනවා. යාළු දස්කම් වැඩසටහන සඳහා පවතින ඉල්ලූම සහ ගුරු දෙගුරු සහභාගීත්වය මත මේ වැඩසටහන සමාජය විසින් ආදරයෙන් වැළඳගෙන ඇති බවට සාක්ෂි දරනවා. තිරසාර පදනමක් සහිතව ක‍්‍රියාත්මක වන HNB FINANCE හි සියලූ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිවල මූලිකම අරමුණ වන්නේ යහපත් සමාජ පරිවර්තනයක් සිදු වනු දැකීමයි’’ යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME& ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *